hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2025 අගෝස්‍තු 01, ප.ව. 12:38



2025 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) T20 ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් මස 27 වනදා සිට දෙසැම්බර් 23 වනදා දක්වා පැවැත්වෙන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් අද නිවේදනය කළා.

මෙවර තරගාවලිය 6 වන වරට පැවැත්වෙයි.

මෙවර LPL තරග කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය, පල්ලෙකැලේ සහ දඹුල්ල යන ක්‍රීඩාංගණ වලදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. 

2026 T20 ලෝක කුසලානයට පෙර මෙවර LPL තරගාවලිය ක්‍රියාත්මක වීම තුළින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ලෝක කුසලානයට පෙර සූදානමක් ලෙස මෙම තරගාවලිය යොදාගත හැකිවනවා.