2025 මැයි 24, ප.ව. 12:15
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීම පිළිබඳව නිවේදනය කර තිබේ.
බංග්ලාදේශයට එරෙහිව ජුනි මස 17වනදා ගාල්ලේදී ආරම්භ වන පළමු ටෙස්ට් තරගයෙන් පසු ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට මෙලෙස නිවේදනය කර ඇත.
ඇන්ජලෝ මැතිව්ස් පවසා ඇත්තේ, සීමිත පන්දුවාර තරග සඳහා තම සහාය අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඒ සඳහා තමන් සූදනම් බවයි.
2009 වසරේදී පාකිස්තානයට එරෙහිව ටෙස්ට් වරම් හිමිකරගත් මැතිව්ස්, ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් පිතිකරුවන් අතර තෙවන ස්ථානයේ රැඳී සිටියි.
කුමාර් සංගක්කාර (12,400) හා මහේල ජයවර්ධනට (11,814) පමණක් පසුපසින් සිටින ඔහු ටෙස්ට් ලකුණු 8,167ක් රැස්කර ඇත.
මේ වනවිට 37 වියේ පසුවන මැතිව්ස්, ශතක 16ක් හා අර්ධ ශතක 45කට හිමිකම් කියයි.

මැතිව්ස් ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග 32කට නායකත්වය ලබ දෙමින් තරග 13 ක් ජයග්‍රහණය කරා රැගෙන ගියේය.
2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47