2025 අප්‍රේල් 20, ප.ව. 7:13
සෞදි අරාබියේ පැවති 06 වන ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කමක් , රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 04 ක් දිනා ගත්තේය.
එහිදී මීටර 800 බාලිකා ඉසව්වට සහභාගී වූ තරුෂි අභිෂේකා රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.
එසේම මෙම තරගාවලියේ දී තුන් පිම්ම ඉසව්ව සදහා සහභාගී වූ අවිශ්ක ජෙන්කින්ස් , මීටර 200 කාන්තා ඉසව්වට සහභාගී වූ ධනංජනා ප්‍රනාන්දු සහ කාන්තා මෙඩ්ලි සහාය දිවීමේ ඉසව්වට සහභාගී වූ ධනංජනා ප්‍රනාන්දු , තරුෂි අභිෂේකා , හිමාෂනී සංසලා සහ දිල්කි නිහාරා රිදී පදක්කම් දිනා ගැනීමට සමත් වුණා.

උස පැනීම පිරිමි ඉසව්වට සහභාගී වූ පවන් නිත්‍ය , මීටර 800 බාලක ඉසව්වට සහභාගී වූ සවිදු අවිශ්ක , මීටර් 1,500 බාලක ඉසව්වට සහභාගී වූ ළහිරු අචිත්ත සහ බාලිකා තුන් පිම්ම ඉසව්වට සහභාගී වූ දිල්කි නිහාරා ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වී සිටියහ .

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා ආයතනයේ නිලධාරීන් මෙන්ම ඉගෙනුම ලබන පාසැල් වල සිසුන් , ගුරුභවතුන් , විදුහල්පතිවරුන් මෙන්ම ඔවුනගේ දෙමාපියන් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

මෙම තරගාවලියේ බාලිකා මීටර 1500 ඉසව්වට සහභාගිවීමට ගිය අයේෂා සෙව්වන්දි සහ නිදුකි ප්‍රාර්ථනාට නියමිත වේලාවට ආරම්භ ස්ථානයට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කළමනාකරු හා පුහුණුකරුවන් යොමු නොකිරීම නිසා ඔවුන්ට තරගය අහිමිව ගිය බවට චෝදනා එල්ල වී තිබේ.
එම චෝදනාව දිවයිනට පැමිණි අවස්ථාවේදී නිදුකි සහ අයේෂා එල්ල කළ සිටියාය.
2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47