2025 ජූලි 31, පෙ.ව. 12:19
අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ CCC කණ්ඩායම සමත් විය.
ඒ පොලිස් ක්‍රීඩා සමාජය ලකුණු 187කින් පරාජය කරමින් .
අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහරදුන් CCC කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 387ක් රැස්කිරීමට සමත් වුණා.

පවන් රත්නායක නොදැවී ලකුණු 158ක් රැස්කළේය.
නිශාන් මදුෂ්ක ලකුණු 88ක් ද කමිඳු මෙන්ඩිස් ලකුණු 59ක් ද සොනාල් දිනූෂ ලකුණු 53ක් ද රැස් කළේය.

ලකුණු 388ක ඉලක්කයක් හඹාගිය පොලිස් ක්‍රීඩා සමාජයට පන්දුවාර 40.2කදී සියලු දෙනා දැවී රැස්කළේ ලකුණු 200ක් පමණි.
ප්‍රියමාල් පෙරේරා ලකුණු 57ක් රැස්කළා.
ඉනුක කරන්නාගොඩ ලකුණු 32කට කඩුලු 4ක් දවාගත්තා.
2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47