hit counter

2025 අගෝස්‍තු මස 04 වන සඳුදා

2025 අගෝස්‍තු 05, පෙ.ව. 12:22



සංචාරක ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැතුණු 5 වන ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 6කින් ජය ගන්නට ඉන්දියා කණ්ඩායම සමත් විය.

මේ සමග තරග 5 කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ද තරග 2-2ක් ලෙස සමව අවසන් විය.

මෙම තරගයේ ජයග්‍රහණයට ලකුණු 374 ක හඹා ගිය එංගලන්තයට දෙවන ඉනිමට ලබා ගත හැකිවූයේ ලකුණු 367ක් පමණි.

මෙම තරගයේ ප්‍රථම ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව ලකුණු 224ක් හා පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය ලකුණු 247ක් ලබා ගත්තේය.

ඉන්දීය දෙවන ඉනිම ලකුණු 396යි.

එංගලන්ත දෙවන ඉනිමේදී හැරි බෲක් ලකුණු 111ක් ද,ජෝ රූට් ලකුණු 105ක් ද ලබා ගත්තේය.

ඉන්දියාව වෙනුවෙන් මොහොමඩ් සිරාජ් ලකුණු 104කට කඩුලු 5ක් ද , ප්‍රසිද් ක්‍රිෂ්ණා ලකුණු 126කට කඩුලු 4ක් ද දවා ගත්තේය.

තරගය අතරවාරයේදී අතේ ආබාධකට ලක් වූ ක්‍රිස් වෝක්ස් එංගලන්ත දෙවන ඉනිමේදී අවසන් පිතිකරු ලෙස පිටියට පිවිසීම කාගේත් අවධානය දිනා ගත් සිදුවීමක් බවට පත් විය.