hit counter

2026 මාර්තු මස 28 වන සෙනසුරාදා

2025 මැයි 02, පෙ.ව. 12:34



2025 ඉන්දියානු ප්‍රිමියර් ලීග් T20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන් ඉවත්වන්නට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට සිදු විය.

ඒ චෙන්නායි කණ්ඩායම මෙතෙක් සහභාගි වූ තරග 10න් 8ක් පරාජය වීම හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම තරග 11න් 8ක් පරාජය වීම නිසාය.

මේ අතර පිට පිට තරග 6ක් ජයගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මේවන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නට සමත් වී තිබේ.

මුම්බායි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මහේල ජයවර්ධන කටයුතු කරයි.