2026 මාර්තු 21, පෙ.ව. 12:09
IPL තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට ඊට පෙර ශාරීරික යෝග්‍යතාව තහවුරු කළ යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
ඒ අනුව දැනටමත් ශාරීරික යෝග්‍යතා සමත් වූ පැතුම් නිස්සංක,දුෂ්මන්ත චමීර හා කමිඳු මෙන්ඩිස් IPL තරගාවලියට එක්වීමට අවසර ලබා දී තිබේ.
නුවන් තුශාර IPL තරගාවලියට එක්වීමට පෙර ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට මෙතෙක් සහභාගි වී නොමැත.
වනිඳු හසරංග , මතීෂ පතිරණ හා එෂාන් මාලිංග ආබාධවලට ගොදුරුව තවමත් එම ආබාධවලින් සුවය ලබා සිටින අතර ඔවුන් තවමත් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයන්ට මුහුණ දී නැහැ.
IPL තරගාවලිය මාර්තු මස 28 වනදා ආරම්භ වෙයි.
2026 මාර්තු 18, ප.ව. 9:09
2026 මාර්තු 18, ප.ව. 9:05
2026 මාර්තු 17, පෙ.ව. 12:47
2026 මාර්තු 15, පෙ.ව. 8:34
2026 මාර්තු 13, ප.ව. 11:19