2025 ඔක්‍තෝබර් 16, ප.ව. 11:56
ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ජයනන්ද වර්ණවීර මහතා අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.
මිය යනවිට ඒ මහතා 64වන වියේ පසුවුණා.
1986 වසරේදී පාකිස්තානයට එරෙහිව ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගත් වර්ණවීර මහතා ශ්‍රී ලංකා එක්දින හා ටෙස්ට් කණ්ඩායම් නියෝජනය කළා.
සුනාමි ව්‍යසනයෙන් වැනසී ගිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය නැවත ගොඩ නැගීමේ දී ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක Shane Warne සමඟ එක්ව ජයන්ත වර්ණවීර මහතා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළා.

1994 වසරේ දී ක්‍රිකට් පිටියෙන් සමුගන්නා විට වර්ණවීර මහතා ටෙස්ට් කඩුලු 32ක් හා එක්දින කඩුලු 6ක් දවා ගෙන තිබුණා.
ජයනන්ද වර්ණවීර මහතා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතීරු ප්‍රධානියා ලෙසද කටයුතු කළාය.
2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47