2025 ඔක්‍තෝබර් 14, ප.ව. 3:23
දකුණු ආසියාවේ දැවැන්තම K – 1 සටන් ලීගය Karma Fight League හි 6 අදියර KFL 006 පසුගියදා කොළඹ Cinnamon Life at City of Dreams හිදී පැවැත්වුනා.
KFL සමඟ දෙවන වරටත් Cinnamon Life at City of Dreams එක්වුණු අතර KFL මෙරට සටන් ක්‍රීඩාව තවත් නව තලයකට රැගෙන ගිය සටන් රාත්‍රියක් බවට හොඳම උදාහරණ සපයන්නේ KFL 006 නැරඹීමට Cinnamon Life at City of Dreams වෙත එක්වුණු දැවැන්ත ප්‍රේක්ෂක පිරිසයි.
මෙවර KFL Fight Night එකේ විශේෂත්වය තමයි වෙනස්ම විදිහේ ඉන්දියාව පකිස්ථාන් සටන් , ශ්‍රී ලංකාව, මලයාසියාව සටන්කරුවන්ගේ සටන් වගේම KFL – Xtreme Championship හි අවසන් සටන්කරුවන් දෙදෙනා තීරණය වෙන උද්වේගකර සටන ඒ වගේම open-weight championship වෙනුවෙන් එල්ල වුණු අභියෝගය ඇතුළු උද්වේගකර සටන් රැසකින් සමන්විත වීමයි.
සටන් රාත්‍රිය ආරම්භ කරමින් KFL – Xtreme Championship හි දෙවන වටය වෙනුවෙන් fighters ලා තමන්ගේ ප්‍රතිවාදිය සහ තරඟය තෝරා ගන්න Draw එක පැවැත්වුණා .
එහිදී KFL හි ප්‍රබලතම සටන්කරුවන් දෙදෙනෙක් වුණු Prizel Fernando සහ Isuru Dilhara දෙවන වටය වෙනුවෙන් මුහුණට මුහුණ එක්වීමම ඉහළ අවධානයක් දිනා ගන්න සමත් වුණා.
KFL 006 හි සටන් ආරම්භ කරමින් පළමුව එකිනෙකට ගැටුණේ ඉන්දියාවේ Mohammed Zubair සහ මැලේසියාවේ Ting Jer Huan අතරයි . සටන ආරම්භයේ සිටම දැවැන්ත ප්‍රහාරයත් සමඟ සටනට අවතීර්ණ වුණු Zubair පහසුවෙන්ම සටනේ ජය අත්කර ගන්න සමත් වුණා.
අනතුරුව ශ්‍රී ලංකාවේ Tharinda සහ ඉන්දියාවේ Shivam Chaurasiya සටන් වළල්ලට එක්වුණේ වේගවත් ආරම්භයක් ලබා දෙමින්. ආරම්භයේ සිටම ප්‍රතිවාදියාට නොනවතින ප්‍රහාරයක් දියත් කරන්නට Tharinda සමත් වුණා.
ඉන්දීය සටන්කරු Shivam ප්‍රතිප්‍රහාරය දියත්කරත් Tharinda ගේ වේගවත් ප්‍රහාරයෙන් ගැලවෙන්න නොහැකි වුණේ Tharinda ජය හිමි කර දෙමින්.
KFL හි ඉතිහාසගත තරඟයක් ඉන් අනතුරුව ආරම්භ වුණා.
ඒ KFLහි පළමු BOXING තරඟයි.
මේ ඉතිහාසගත තරඟය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජය කරමින් යොවුන් ක්‍රීඩකයකු වුණු Thilakshana Deshan නුත් පකිස්ථානය නියෝජනය කරමින් අත්දැකීම් බහුල අබ්දුල් සම්ද් සටන් වළල්ලට එක්වුණා .
KFL හි සිය මංගල සටන ක්‍රීඩා කරන Deshan කිසිදු චකිතයකින් තොරව අත්දැකීම් බහුල අබ්දුල් සම්ද් ට දියත් කළ ප්‍රහාරයත් සමග සමද් KNOCKOUT කිරීමට සමත් වුණේ KFL ඉතිහාසගත BOXING තරඟයේ ජය ශ්‍රී ලංකාවට දිනා දෙමින්.
අනතුරුව උණුසුම් ඉන්දු පකිස්ථාන් සටන් අරම්භ කරමින් සටන් වැදුණේ Abdul Waris සහ Chandan Harish . Chandan Harish ප්‍රහාරය සමඟ විසිසුරුවන් තරඟයේ ජයග්‍රහකයා ලෙස ඉන්දීය සටන්කරු Chandan Harish නම් කෙරුණා.
මැලේසිය සහ පකිස්ථාන සටන් වළල්ලට එක වුනේ ඉන් අනතුරුවයි පකිස්ථාන ක්‍රීඩක Agha Talal Haider ගේ දරුණු ප්‍රහාරයන් හමුවේ ආරක්ෂා වෙන්නට මැලේසිය ක්‍රීඩක Jian Kai Chee විවිධ උපක්‍රම යොදාගත් අතර ඒ වෙනුවෙන් ඉහල ප්‍රේක්ෂක අවධානයක් ද හිමි වුණා.
කෙසේ වෙතත් සටනේ ජය හිමි කරගන්න සමත් වුණේ පකිස්ථාන ක්‍රීඩක Agha Talal Haider.
ඉන් පසුවයි KFL Xtreme Championship හි අවසන් සටන්කරුවන් දෙදෙනා තෝරා ගැනෙන උද්වේගකර සටන් ආරම්භ වුණේ.
ඒ වෙනුවෙන් සියල්ලන්ම අවධානයෙන් බලා සිටි Prizel Fernando සහ Isuru Dilhara සටන ආරම්භ වුණා.
ආරම්භයේ සිටම තම සුපුරුදු ප්‍රහාරය ආරම්භ කළ Isuru , Prizel ට දැවැන්ත අභියෝගයක් ලබා දුන්නා ඊට නොදැවුණු Prizel Isuru ගෙන් ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජය ගනිමින් සිය සුපුරුදු පාද ප්‍රහාරය දියත් කරන්නට සමත් වුනත් ඉසුරුගේ දරුණු ප්‍රහාරය නතර කිරීමට ප්‍රමාණවත් වුණේ නැහැ.
දෙදෙනාම තරඟ වට 3 පුරාවටම සිය උපරිමය සටනට ලබා දුන්නේ පෙර අත්නොවිඳි සටනක අත්දැකීමක් ප්‍රේක්ෂකයන්ට ලබා දෙමින්.
බොහෝ ප්‍රේක්ෂකයන්ගේ අදහස වුණේ මෙතෙක් KFL ඉතිහාසයේ දුටු දරුණු උද්වේගකරම සටන මෙය බවයි.
කෙසේ නමුත් ඉසුරුගේ දරුණු ප්‍රහාරය හමුවේ Prizel ට තවදුරටත් සටන් කිරීමට ඉඩ ලබා නොදුන් තරඟයේ වෛද්යවරයා සටන නතර කිරීමත් සමඟ Isuru Dilhara ට ජය හිමි වුනේ KFL – Xtreme Championship අවසන් සටනට තේරී පත් වෙමින්.
Xtreme Championship දෙවන සටන ඇරඹුණේ Kavindu “Phoenix” Rasanjaya සහ Hasith Madushanka අතරයි හොඳ ආත්ම විශ්වාසයකින් සටන් වළල්ලට එක වුණු Kavindu පහසුවෙන්ම පළමු වටය තුළදීම සටන ජය ගත්තා.
ඒ අනුව KFL 007 තුලින් KFL – Xtreme Championship අවසන් සටනින් Kavindu “Phoenix” VS Isuru Dilhara අතර උණුසුම් සටනක් දැක බල ගැනීමට හැකි වනවා.
ශ්‍රී ලංකාවේ අපරාජිත Nimesha Kumari සහ පකිස්ථානයේ Bushra Akhtar අනතුරුව සටන් වළල්ලට එක වුණා.
Nimesha පළමු වටය තුළ සිය සුපුරුදු ප්‍රහාරය දියත් කරමින් තරඟයට අවතීර්ණ වුනත් 2 වන වටයේ සිට සටනට අවතීර්ණ වුණු Bushra ,කල්පනාකාරීව සටන් කරමින් Nimesha අතින් වෙන සුළු අතපසු වීමෙන් පවා උපරිම ප්‍රයෝජය ගනිමින් හොඳ ප්‍රහාරයක් දියත් කරන්නට සමත් වුණා.
අවසානයේ විනිසුරුවන්ගේ ඒකමතික තීරණයට අනුව Nimesha ගේ අපරජිතභාවය අවසන් කරමින් සටන ජය ගන්නට පකිස්ථානයේ Bushra Akhtar KFL ඉතිහාසයේ නව පිටුවක් එක් කරමින්.
KFL006 (CO – MAIN EVENT ) සටනට එක් වුණේ ඉන්දියාවේ Fahad Zedan සහ පකිස්ථානයේ Naseeb Ullah අතරයි .
දේහධාරී සටන් කරුවන් දෙදෙනකු වුණු Fahad සහ Naseeb ගෙන් ආරම්භයේ සිටම අතිශය දරුණු සටනක් දක්නට ලැබුණා.
සිය රටේ අභිමානය වෙනුවෙන් සටනක් වුණු මෙහි වට 3ම අතිෂය උද්වේගකාරී වුණා , අවසානයේ සටන ජය ගන්නට සමත් වුණේ ඉන්දියාවේ Fahad Zedan.
ඉන් අනතුරුවයි දිනයේ උද්වේගකරම සටන වුණු KFL – Open-Weight Champion Sylvester Silva ට අභියෝග කරමින් Srimal Rodrigo සටන් වළල්ලට එක් වුණා.
සටන ආරම්භයේ සිටම Sylvester සහ Srimal සිය අත්දැකීම් උපරිම ප්‍රයෝජනය ගනිමින් හොඳ සටනක නිරන වෙන්න සමත් වුණා.
අතිශය තියුණු සටනකින් අනතුරුව Sylvester පරාජය කරමින් සටන ජය ගන්නට Srimal Rodrigo සමත් වුණේ නව KFL – Open-Weight Champion බවට පත් වෙමින්.
නව ශුරයාට ප්‍රේක්ෂකයන්ගෙන්ද ඉහල ප්‍රති චාරයක් හිමි වුණා.
කොහොම නමුත් ඒ මොහොතේ සටන් වළල්ලට අවතීර්ණ වුණු මලින්ද Boyka අමරසිංහ KFL – Open-Weight Championship බඳ පටිය වෙනුවෙන් Srimal Rodrigo ට අභියෝග කෙරුණා.
ඒ අනුව KFL007 හිදී Open-Weight Championship වෙනුවෙන් මලින්ද Boyka අමරසිංහ සහ Srimal Rodrigo ගැටෙන උද්වේගකර සටනක් බලාපොරොත්තු වන්න.
2025 ඔක්‍තෝබර් 14, ප.ව. 2:20
2025 ඔක්‍තෝබර් 12, ප.ව. 6:01
2025 ඔක්‍තෝබර් 09, ප.ව. 11:35
2025 ඔක්‍තෝබර් 08, ප.ව. 11:14
2025 ඔක්‍තෝබර් 06, ප.ව. 8:54