2025 අප්‍රේල් 21, ප.ව. 2:32
2027 ලෝක කුසලාන රග්බි තරගාවලිය ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිතව තිබේ.
තරගාවලිය සඳහා රටවල් 24ක් මෙවර එක්වන අතර ආසියානු කාලාපයෙන් රටවල් දෙකට අවස්ථාව ලැබී තිබේ.
ජපානය පසුගිය වර ලෝක කුසලානයේදී ද තරග වැදීම හේතුවෙන් ඔවුන් සෘජුවම තරගාවලියට සහභාගි වෙනවා.

තවත් එක් රටක් ආසියාවෙන් සුදුසුකම් ලබන අතර ඒ සඳහා වන තරගාවලියට එක්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා.
ඒ මැලේසියාව සමග පැවැති තරගයෙන් ලකුණු 59 ට 19ක ජයක් වාර්තා කිරීමත් සමගය.

පළමු කාණ්ඩයේ ආසියානු රග්බි තරගාවලියේදී ශ්‍රී ලංකාවට අමතරව හොංකොං,දකුණු කොරියාව සහ UAE තරගය වැදීමට නියමිතව තිබේ.
මෙහිදී පෙරමුණ ගන්නා කණ්ඩායම රග්බි ලෝක කුසලානයට එක්වන අතර එහිදී අනුශූරතාව හිමිවන කණ්ඩායමට තවත් අවස්ථාවක් හිමිවෙයි.

අප්‍රිකානු කලාපීය සුදුසුකම් ලැබීමේ තරග වටයේ දෙවැනි ස්ථානයට පත්වන කණ්ඩායම හා ආසියානු කලාපීය දෙවැනි ස්ථානයට පත්වන කණ්ඩායම අතර තරගයක් පැවැත්වෙන අතර ඉන් ජය ගන්නා කණ්ඩායම ලෝක කුසලානයට එක්වනවාය.
2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47