2025 සැප්‍තැම්‍බර් 18, ප.ව. 3:16
2025 ලෝක මලලක්‍රීඩා ශූරතාවයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වට සුදුසුකම් ලැබුවන් අතර ලාබාලම ක්‍රීඩකයා වන්නේ ශ්‍රීලංකා ක්‍රිඩක රුමේෂ් තරංගය.
තවමත් 22 වියේ පසුවන රුමේෂ් සහභාගිවන පළමු ලෝක ශූරතාවය වන්නේද මෙයයි.
එමෙන්ම මේ සමග ලෝක මලලක්‍රීඩා ශූරතාවයක අවසන් තරඟයකට සුදුසුකම් ලැබූ පලමු ශ්‍රීලාංකීය පිරිමි ක්‍රීඩකයා වශයෙන් ඔහු ඉතිහාසයට එක් වෙනවා.
අද පැවැත්වෙන අවසන් තරඟයේ විශේෂත්වය වන්නේ රුමේෂ් තරඟ වදින්නේ ඔලිම්පික් රන් පදක්කම් 3 ඇතුළු ඔලිම්පික් පදක්කම් 8 ක් සහ ලෝක ශූරතා රන් පදක්කම් 4 ක් ඇතුළු ලෝක ශූරතා පදක්කම් 9 ක් දිනාගත් ක්‍රීඩකයන් රැළක් සමග වීමය.
ඔලිම්පික් රන්පදක්කම් ලාභීන් වන නීරජ් චොප්රා (2021), අර්ෂාඩ් නදීම් (2024) සහ කෙශෝන් වල්කොට් (2012) මෙන්ම ලෝක ශූරතා රන් පදක්කම් ලාභීන් වන ජුලියස් යේගෝ (2015), ඇන්ඩර්සන් පීටර්ස් (2019 සහ 2022), නීරජ් චොප්රා (2023) ඒ අතරේ තරඟ වැදීමට නියමිතයි.
අද තරඟ කිරීමට නියමිත ක්‍රීඩකයන්ගේ 2025 වසරේ මේ වන විට දක්වා ඇති දක්ෂතා අතරෙන් රුමේෂ් (86.50) පස් වෙනි ස්ථානයේ වේ.
සමස්ත ශ්‍රීලාංකිකයන් වශයෙන් අපි රුමේෂ්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සුභ පතමු.
2025 සැප්‍තැම්‍බර් 16, ප.ව. 12:02
2025 සැප්‍තැම්‍බර් 15, ප.ව. 4:54
2025 සැප්‍තැම්‍බර් 15, ප.ව. 1:02
2025 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 7:58
2025 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 10:53