hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2025 ජූලි 28, පෙ.ව. 11:54



2025 පාසැල් රග්බි තරගාවලියේ සති 7ක තරග පවත්වා අවසන්.

මෙම සති 7 අවසන් වන විට අපරාජිත එකම කණ්ඩායම බවට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමත් වී තිබේ.

ඔවුන් ශූරතාව වටයේ ලකුණු 18ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.

එහි දෙවැනි තැන කොළඹ වෙස්ලි විද්‍යාලයට සහ 3වන තැන ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට හිමිව තිබේ.

මෙම කණ්ඩායම් ත්‍රිත්වයට තවමත් මෙවර අන්තර් පාසැල් රග්බි ශූරතාව දිනා ගන්නට අවස්ථාවක් තිබේ.

පාසැල් රග්බි තරගවාරයේ තවත් සති දෙකක තරග ඉතිරිව තිබෙනවාය.