hit counter

2024 සැප්‍තැම්‍බර් මස 28 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:42



ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය අරඹමින් පැවැති පළමු T20 තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 12කින් එංගලන්ත කාන්තා කණ්ඩායම ජය ගත්තා.

වර්ෂාවෙන් බාධා එල්ල වූ මෙම තරගයේ ඉනිමක් පන්දුවාර 17කට සීමා කෙරුණා.

ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 17 තුළදී කඩුලු 4ක් දැවී ලකුණු 186ක් රැස්කළා.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ පිළිතුරු ඉනිම අතරතුර යළි තරගයට වාර්ෂාවෙන් බාධා එල්ල වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 6කදී ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 68ක ඉලක්කයක් හිමි වුණා.

එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 6 අවසානයේදී කඩුලු 3ක් දැවී රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 55ක් පමණයි.

තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා – එංගලන්ත කාන්තා T20 තරගාවලියේ දෙවැනි තරගය අද පැවැත්වීමට නියමිතයි.

Example Image