2025 සැප්‍තැම්‍බර් 16, ප.ව. 12:02
ආසියානු T20 ක්‍රිකට් තරගාවලියේ හොංකොං හා පැවැතුණු තරගය කඩුලු 4කින් ජයගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.
ශ්‍රී ලංකාව B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ මේවන විට පෙරමුණ ගෙන සිටියි.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවැතුණු තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් හොංකොං ක්‍රීඩකයෝ පන්දුවාර 20දී කඩුලු 4ක්,තුළ ලකුණු 149ක් ලබා ගත්තේය.
අන්ෂි රත් ලකුණු 48ක් ද,නිසකාත් ඛාන් නොදැවී ලකුණු 52ක් ලබා ගත්තා.

දුෂ්මන්ත චමීර ලකුණු 29කට කඩුලු දෙකක් හා වනිඳු හසරංග සහ දසුන් ශානක එක් කඩුල්ල බැගින් දවා ගත්තේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 150ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දුවාර 18.5 කඩුලු 6ක් දැවී ලකුණු 153ක් ලබා තරගය ජයගත්තා.
පැතුම් නිස්සංක ලකුණු 68ක් ද, කුසල් ජනිත් පෙරේරා ලකුණු 20ක් හා වනිඳු හසරංග නොදැවී ලකුණු 20ක් ලබා ගත්තා.
හොංකොං කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක කෞෂාල් සිල්වා කටයුතු කරන අතර ඔහු ඉදිරි වසර 3 තුළ හොංකොං කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වෙයි.
2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47