hit counter

2025 ඔක්‍තෝබර් මස 26 වන ඉරිදා

2025 ඔක්‍තෝබර් 26, ප.ව. 3:42



ඉන්දියාවේ රංචි හිදී පැවැත්වෙන දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම දින දෙකක් අවසන් වන විට රන් පදක්කම් 8ක්,රිදී පදක්කම් 5ක් හා ලෝකඩ පදක්කම් 9ක් දිනා ගන්නට සමත් වී තිබේ.

ශ්‍රී ලංකා 100m කාන්තා සහ පිරිමි සහය කණ්ඩායම රන් පදක්කම් දෙකක් ද, පිරිමි 400m ඉසව්වේදී කාලිංග කුමාර රන් පදක්කමක් හා පිරිමි උස පැනීමේ ඉසව්වේදී තරිඳු දසුන් රන් පදක්කම් දිනා ගත්තේය.

මීට අමතරව කාන්තා 100mයේදී සෆියා යමික් ද,පිරිමි 100m ඉසව්වේදී චමෝද් යෝධසිංහ ද,පිරිමි තුන්පිම්ම ඉසව්වේදී පසිඳු මල්ෂාන් සහ කාන්තා තුන්පිම්ම ඉසව්වේදී මධුෂානි හේරත් රන් පදක්කම් දිනා ගන්නට සමත් විය.

අමාෂා ද සිල්වා කාන්තා 100m ඉසව්වේ ද ,5000m ඉසව්වේදී වික්නරාජ් වොක්සන්,110m ඉසව්වේදී රොෂාන් චතුරංග ද,කාන්තා 1500 ඉසව්වේදී නිමාලි ලියනාරච්චි ද,පිරිමි 400 සහය කණ්ඩායම ද රිදි පදක්කම් දිනා ගත්තේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනූ ලෝකඩ පදක්කම්වලට සෂිනි උපේක්ෂා,මිතුන් රාජ්,ඔවිනි චන්ද්‍රසේකර ,රොජිඩීන් නිෆ්රාස්,විනෝදනී ලක්මාලි ,ලක්ෂිකා සුගන්ධී සහ සයුරි මෙන්ඩිස් හිමිකම් කියන්නට සමත් වුණා.

තරගාවලියේ 3 වන සහ අවසන් දිනය අදයි.