2025 අගෝස්‍තු 12, පෙ.ව. 9:37
2025 World Athletics Continental Tour Bronze මලල ක්‍රීඩා තරගාවලියේදී පිරිමි හෙල්ල විසි කිරීමේ තරගයේදී ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග නව ශ්‍රී ලංකා වාර්තාවක් ද සමග රන් පදක්කම දිනා ගත්තේය.
රුමේෂ් තරංග මීටර 86.50ක දුරක් හෙල්ලය විසිකළ අතර මේ අනුව ඔහු ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට ද සුදුසුකම් ලැබුවේය.
සුමේධ රණසිංහ මීටර 80.60ක දස්කමක් දක්වමින් හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත්තා.
මීට අමතරව පිරිමී මීටර 100 ඉසව්වේ රිදී පදක්කම් චමෝද් යෝධසිංහ හා කාන්තා හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රිදී පදක්කම නදීෂා ලේකම්ගේ දිනාගත්තේය.
මෙහිදී පිරිමි මීටර 400 සහය ඉසව්වේ රන් පදක්කමත් ශ්‍රී ලංකා සහය කණ්ඩායම දිනා ගත්තාය.
ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ ඔමෙල් ද සිල්වා,සදෙව් රාජකරුණා ,ඉනේෂ් දිස්මිත සහ කල්හාර ඉදූපයි.
තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියේය.
2025 අගෝස්‍තු 15, පෙ.ව. 7:03
2025 අගෝස්‍තු 15, පෙ.ව. 6:50
2025 අගෝස්‍තු 12, ප.ව. 9:49
2025 අගෝස්‍තු 10, පෙ.ව. 8:12
2025 අගෝස්‍තු 10, පෙ.ව. 8:08