2025 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 11:07
සිම්බාබ්වේ කණ්ඩායම හා පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-0ක් ලෙස ජය අත් කර ගන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සමත් විය.
ශ්‍රී ලංකාව මව්බිමෙන් පිටතදී 2019 වසරෙන් පසුව එක්දින තරගාවලියක් ජය ගැනීමත් සුවිශේෂී වූ කරුණක් විය.
ඒ දෙරට අතර දෙවන එක්දින තරගය කඩුලු 5කින් ජය ගැනීමත් සමගය.
හරාරේ පිටියේදී පැවැතුණු මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 7කට ලකුණු 277ක් ලබා ගත්තේය.

සිකන්දර් රාසා ලකුණු 59ක් ද, බෙන් කරන් ලකුණු 79ක් ද රැස්කර ගත්තේය.
දුෂ්මන්ත චමීර ලකුණු 52ට කඩුලු 3ක්ද, අසිත ප්‍රනාන්දු ලකුණු 67කට කඩුලු 2ක් ද දවා ගත්තේය.
ජයග්‍රාහී ලකුණු 278ක ඉලක්කය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.3කදී කඩුලු 5ක් දැවී සපුරා ගත්තේය.
පැතුම් නිස්සංක 7 වන එක්දින ශතකය සමග ලකුණු 122ක් ද, නායක චරිත් අසලංක ලකුණු 71ක් ද ලබා ගත්තා.

පැතුම් තරගයේ හා තරගාවලියේ වීරයා බවට පත් විය.


2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47