2025 ඔක්‍තෝබර් 21, ප.ව. 12:27
කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග තරගය ලකුණු 7කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් විය.
ඉන්දියාවේ නවි මුම්බායිහිදී පැතුණු මෙම තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 48.4කදී ලකුණු 202ක් රැස්කර ගත්තේය.
චමරි අතපත්තු ලකුණු 46ක් ද, හසිනි පෙරේරා ප්‍රථම එක්දින අර්ධ ශතකය ද සමග ලකුණු 85ක් රැස්කර ගත්තාය.
Shorna Akter ලකුණු 27කට කඩුලු 3ක් දවා ගත්තේය.
බංග්ලාදේශයට පන්දුවාර 50දී කඩුලු 9කට ලබා ගන්නට හැකියාව ලැබුණේ ලකුණු 195ක් පමණි.

නායිකා නිගර් සුල්තානා ලකුණු 77ක් ද,sharmin akther නොදැවී ලකුණු 64ක් ද ලබා ගත්තා.
අවසන් පන්දුවාරයට ජයග්‍රහණය සඳහා ලකුණු 9 බේරාගත් චමරි අතපත්තු කඩුලු 3ක් හා දුවද්දී දවා ගැනීමක් ද සමග එක් ලකුණක් පමණක් ලබා දෙමින් තරගයේ ජය අත්කර ගත්හ.
ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 4ක් සමග සටහනේ 6 වන තැන පසුවන අතර ඔවුන්ට අවසන් පූර්ව වටයට පිවිසීමට නම් පාකිස්ථාන තරගය ජය ගත යුතුවෙයි.

ඉන්දියාව,නවසීලන්තය හා බංග්ලාදේශය හමුවේ පරාජය වෙමින් ද , එංගලන්තය විසින් නවසීලන්තය පරාජය කළහොත් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමට හැකියාව පවතියි.
2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47