2025 අගෝස්‍තු 26, පෙ.ව. 10:56
මලල ක්‍රීඩා, ජිම්නාස්ටික්, මේස පන්දු සංගම් සහ සම්මේලන වල ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

අදාළ ගැසට් පත්‍රයේ දැක්වෙන්නේ 1973 අංක 25 දරන ක්‍රීඩා පනතෙහි සංශෝධන අනුව, පවතින ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය සඳහාත්, නව නිලධාරීන් පත් කර ගැනීම සඳහා වූ ක්‍රියාවලිය සම්පූර්ණ කර ගැනීම සඳහාත් අදාළ ක්‍රීඩා සංගම් සහ සම්මේලනවල නිසි බලධාරියා ලෙස ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා පත් කරන බවයි.
ඒ අනුව නිලවරණය පවත්වා නිලධාරීන් පත්කර ගන්නා තෙක් මලල ක්‍රීඩා,ජිම්නාස්ටික්, මේස පන්දු සම්මේලනයේ බලය හිමි වන්නේ ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයාටයි.
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47
2026 ජනවාරි 29, ප.ව. 11:17