hit counter

2025 ජූලි මස 16 වන බදාදා

2025 ජූලි 16, පෙ.ව. 8:41



ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර 3වන T20 තරගය අද රාත්‍රී 7.30ට කොළඹ R.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබේ.

දෙපිලම 1-1 ක් ලෙස තරගාවලියේ පසුවෙති.

මෙම තරගයට දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා පවසා සිටියේය.

කමිඳු මෙන්ඩිස් ද කණ්ඩායමට එක්වීමට නියමිතය.

අද තරගයේ සියලුම ටිකට් විකිණි අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළාය.

තරගය ජය ගන්නා කණ්ඩායමට T20 තරගාවලියේ ජය ද හිමිවෙයි.

අද තරගයට එක්විය හැකි කණ්ඩායම 

  1. පැතුම් නිස්සංක
  2. කුසල් මෙන්ඩිස් 
  3. කුසල් ජනිත් පෙරේරා 
  4. දිනේෂ් චන්දිමාල් 
  5. චරිත් අසලංක 
  6. දසුන් ශානක
  7. කමිඳු මෙන්ඩිස් / දුනිත් වෙල්ලාලගේ 
  8. චාමික කරුණාරත්න 
  9. ජෙෆ්රි වැන්ඩර්සේ 
  10. නුවන් තුශාර
  11. බිනුර ප්‍රනාන්දු