hit counter

2025 සැප්‍තැම්‍බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්‍තැම්‍බර් 30, ප.ව. 2:22


හිටපු ඇමති ප්‍රසන්නට ඇප

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු රාජ්‍ය අමාත්‍යය ප්‍රසන්න රණවීරට අද (30) ඇප නියමකර තිබෙනවා.

ඒ ගම්පහ මහාධිකරණයේ නියෝගයකට අනුවයි.

රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කොට විකුණුවේ යැයි චෝදනා යටතේ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ ඇප අයදුම අද (30) යළිත් සලකා බැලුණා.

ප්‍රසන්න රණවීර වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් ඇප ලබා ගැනීම වෙනුවෙන් මහාධිකරණයේදී කරුණු දක්වා සිටියා.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලු ගම්පහ මහාධිකරණ විනිසුරුවරිය ප්‍රසන්න රණවීර සහ සරත් එදිරිසිංහ යන සැකකරුවන් දැඩි ඇප කොන්දේසි මත මුදා හරිනු ලැබුවා .

එහිදී ඒ එක් එක් අය සඳහා ලක්ෂ පහ බැගින් වූ මුදල් ඇප එකක් බැගින් සහ ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප පහක් මෙන්ම සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දීමද සිදු කළ යුතු අතර සැකකරුවන් සෑම ඉරිදා දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ අංශයේ පෙනී සිටිය යුතුබව ඇප කොන්දේසි අතර දැක්වෙනවා.