hit counter

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

2025 ඔක්‍තෝබර් 13, පෙ.ව. 10:52


ගල්කිස්ස අධිකරණ භුමියේ සිදුවීමට අදාළ පොලිස් නිලධාරියාට ඇප

ගල්කිස්සේ නීතීඥවරයෙකුට පහරදුන් බවට චෝදනා එල්ල වූ පොලිස් කොස්තාපල්වරයාට ගල්කිස්ස අධිකරණය මගින් ඇප ලබා දී තිබෙනවා.

ඒ, ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් නියම කරමින්.

එමෙන්ම මෙම සිද්ධිය සමථ මණ්ඩලයාට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, මෙම නඩුව නොවැම්බර් 14 දක්වා කල් යන බව ද වැඩිදුරටත් වාර්තා වන්නේ.

2025.10.10 වන දින ගල්කිස්ස අධිකරණ භූමියයෙන් නීතීඥවරයෙකුගේ කාර් රථයක් පිටතට ගැනීමේදී ඇති වූ සිද්ධියකදී පොලිස් නිලධාරියෙකු විසින් නීතීඥවරයෙකුට පහරදුන් බවට කරන ලද පැමිණිල්ලක් අනුව ගල්කිස්ස පොලිස් ස්ථානය මගින් අදාල පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2025.10.13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා.