2025 නොවැම්‍බර් 12, ප.ව. 9:10
පාකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර පළමු එක්දින තරගය ඊයේ පැවැත්වෙද්දී රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයට කිලෝමීටර් 20ක ආසන්න දුරකින් බෝම්බයක් පුපුරා යෑමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම යළි දිවයිනට පැමිණීමට සැරසෙනවා.
අදාළ ඉල්ලීම ක්‍රීඩකයින් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සිදු කර තිබෙන අතර එහිදී ක්‍රිකට් බලධාරීන් පවසා ඇත්තේ තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කරන ලෙසටයි.
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් යළි දිවයිනට පැමිණියහොත් වෙනත් ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් පාකිස්ථානය බලා පිටත් කර හැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැරසෙනවා.
ඒ දිවයිනට පැමිණෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට තරග තහනමක් ද පනවමින්ය.
මෙම අර්බුදය නිසා හෙට ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර දෙවැනි එක්දින තරගය පැවැත්වීම ද අවිනිශ්චිත වී තිබේ.
2025 නොවැම්‍බර් 12, ප.ව. 2:53
2025 නොවැම්‍බර් 12, පෙ.ව. 9:48
2025 නොවැම්‍බර් 10, ප.ව. 2:02
2025 නොවැම්‍බර් 04, පෙ.ව. 11:50
2025 නොවැම්‍බර් 04, පෙ.ව. 10:29