hit counter

2026 සැප්‍තැම්‍බර් මස 03 වන බ්‍රහස්පතින්දා

2025 දෙසැම්‍බර් 09, පෙ.ව. 9:58



ඇඳුම් ඇඟලා බැලීමේ කාමරයක් තුළ සූක්ෂම ලෙස කැමරාවක් සඟවා කාන්තාවන් ඇඳුම් මාරු කළ අවස්ථාවන් වීඩියෝ ගත කළ තලවතුගොඩ නගරයේ නිමි ඇඳුම් අලෙවිසලක හිමිකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

‍ෙමෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ 43 හැවිරිදි කොට්ටාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරුගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී එලෙස වීඩියෝ ගත කළ දර්ශන 200කට වැඩි ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළා.

ඒවා අන්තර්ජාලයට යොමු කර තිබේද, එසේ නොමැතිනම් අසභ්‍ය වෙබ් අඩවි වෙත අලෙවි කර ඇත්ද යන්න සෙවීම සඳහා විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.