hit counter

2026 අප්‍රේල් මස 10 වන සිකුරාදා

2025 දෙසැම්‍බර් 09, ප.ව. 12:27



ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ 13 වැනි බස්නායක නිළමේ ලෙස තිළිණ මධුසංඛ මහතා අද (09) පැවති නිළවරණයෙන් නිතරගයෙන් තේරී පත් වුණා.

මෙම නිළවරණය පැවැත්වුණේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජි.සේනාරත්න මහතා ගේ මුලිකත්වයෙන් මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී‍යි.

නිළවරණය සදහා කතරගම කිරිවෙහෙර ,කතරගම ශ්‍රී අභිනවාරාම විහරස්ථානය, වැඩසිටි කන්ද රාජමහා විහාරය,සෙල්ල කතරගම මහාසෙන් රාජ මහා විහාරය, කොටබෝව කුඩා කතරගම දේවාලයේ බස්නායක නිළමේවරයා සහ මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් මෙම නිළවරණය සදහා ඡන්ද ප්‍රකාශ කිරීමට පැමිණ සිටියා.

තිළිණ මධුසංඛ මහතා කතරගම දේවාලයේ වැඩ බැලු බස්නායක නිළමේ ලෙස තාවකාලික පත් කර සිටි අතර මීට අමතරව දෙවිනුවර මහා විෂ්ණු දේවාලයේ ද බස්නායක නිළය මදුසංක මහතා විසින් දරනු ලබනවා.

බස්නායක නිලය සදහා අපේෂකයින් ලෙස 05 දෙනකු ඉදිපත්ව සිටි බව වාර්තා වෙනවා.

එම පිරිසගේ නමක් යෝජනා කිරීමට කිසිවකු ඉදිරිපත්ව නැහැ.