hit counter

2026 සැප්‍තැම්‍බර් මස 03 වන බ්‍රහස්පතින්දා

2025 දෙසැම්‍බර් 29, පෙ.ව. 12:03



දෙසැම්බර් මස (31) වැනි දිනයෙන් පසුව මහනුවර මහ නගර සීමාව තුළ සිටින සියලුම අනවසර පදික වෙළදුන් ඉවත් කිරීමට පියවර ගන්නා බව නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක සඳහන් කරයි.

පසුගිය ජුනි මාසයේදී සභා සම්මත කරන ලද තීරණයකට අනුව පදික වෙළඳුන් ඉවත් කිරීමට පියවර ගත් අවස්ථාවේදී එම පදික වෙළඳුන්ගේ ඉල්ලීම මත දෙසැම්බර් (31) වැනි දින දක්වා වෙළෙඳුන්ට සානුකම්පිත හේතුන් මත කල් දී තිබූ බවද නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක සඳහන් කරයි.

තවද නගරයේ පදික වෙළඳාමේ යෙදෙන බොහෝ වෙළඳුන්ට ඉන් ඉවත් වීම සඳහා විකල්ප ස්ථාන ලබා දුන්නද එය තිබියදීම ඔවුන් නැවතත් පදික වෙළඳාමට යොමු වන බවද නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක සඳහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක මේ බව සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: