hit counter

2024 මැයි මස 01 වන බදාදා

2022 ජූලි 21, පෙ.ව. 11:14



ඊයේ(20) රාත්‍රී 10.00ට පමණ ඇඹිලිපිටිය නගර සභාව ඉදිරිපිට රැදී සිටි අරගලකරුවන් පිරිසකට ප්‍රහාරයක් එල්ලවී ඇතැයි අප වාර්තාකරු පැවසුවා.

ඇඹිලිපිටිය නගර සභාව ඉදිරිපිට ඔවුන් මෙම අරගලය දින ගණනක් තිස්සේ ක්‍රියාත්මක කර තිබුණා.

හතර දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් රාත්‍රියේදී පැමිණ අට්ටාලය කඩා බිඳ දමා අරගලකරුවන්ට පහරදී එළවා දමා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඔවුන් විසින් ඇඹිලිපිටිය පොලීසියට පැමිණිලිකර ඇති අතර මේ වන විට පහරකෑමට ලක්ව අරගලකරුවෙකු ඇඹිලිපිටිය මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

පහරදීමට පැමිණි අයෙකු අරගලකරුවන් විසින් හදුනාගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

ඇඹිලිපිටිය – ප්‍රගීත් ජනක