hit counter

2026 ජනවාරි මස 15 වන බ්‍රහස්පතින්දා

2026 ජනවාරි 15, ප.ව. 8:17



ප්‍රවීණ ගායන ශිල්පි, සංගීතඥ රාජු බණ්ඩාර මහතා අද (15) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබේ. 

රාගම පිහිටි ඒ මහතාගේ පෞද්ගලික නිවසේදී මෙම අභාවය සිදුව ඇති බව ඥාතීන් තහවුරු කරයි.

තම ජීවන ගමන නිමා කරන විට ඒ මහතා හැටපස්වන (65) වියේ පසුවිය. 

ගායන මෙන්ම සංගීත නිර්මාණකරණයේද ප්‍රවීණත්වයක් හෙබවූ ඔහුගේ අභාවය කලා ලෝකයට පිරිමැසිය නොහැකි පාඩුවකි.