hit counter

2026 අප්‍රේල් මස 21 වන අඟහරුවාදා

2026 මාර්තු 05, පෙ.ව. 11:02


ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අතුරු පාලක කමිටුවකට දෙන්න සාකච්ඡා

හැකි ඉක්මනින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අතුරු පාලක කමිටුවකට හෝ බලයලත් නිලධාරියෙකු හට පැවරීම පිළිබඳව ICC ආයතනය සමග මේ වනවිටත් සාකච්ඡා කරමින් පවතින බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් ගමගේ පවසනවා.

අද පෙරවරුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාක්ච්ඡාවක්දි ඔහු සඳහන් කර සිටියේ, ජනාධිපතිවරයා ද මෙම සාකච්ඡා සඳහා සෘජුව මැදිහත් වී ඇති බවයි.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සඳහා අනිවාර්යයෙන්ම රජයක් ලෙස මැදිහත් වන බවත්, එහි වගකීම වෙනත් අයට භාරදිය නොහැකි බවත්, එය රජයේ වගකීමක් බව ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.