hit counter

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2022 ජූලි 25, පෙ.ව. 12:33



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවට මග වැරදුණු බව තමන් පිළිගන්නේ බව පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

නිවැරැදි නොවන තීරණ ගැනීම, නිවැරැදි තීරණ කලට වෙලාවට නොගැනීම මෙන්ම ආණ්ඩුව අභ්‍යන්තරයේ මතු වූ මත ගැටුම් මෙම අර්බුදයට මග පෑදූ බවද ඒ මහතා සති අන්ත ජාතික පුවත්පතකට ප්‍රකාශ කර තිබෙනවා.

“අපි අපේ බලවේග ඉක්මනින් ඈත්කර ගත්තා. ඒ වගේම යහපාලනය ආණ්ඩුවටත් වඩා වැඩියෙන් යහපාලනය ක්‍රියාත්මක කරන්න ගියා. අපේ රජයට වැරදුණේ එතැනින්” යැයි ද බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙනවා.

ඉදිරි ක්‍රියාමාර්ග කවරේදැයි ඇසූ ප්‍රශ්නයට ඒ මහතා පිළීතුරු දී තිබුනේ “දැන්ම ඒ ගැන කියන්න බෑ” යනුවෙන්.