2026 අප්‍රේල් 23, පෙ.ව. 10:22
මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ සාම්ප්‍රදායික ජන ක්‍රීඩා වෙනුවට සංස්කෘතිය විකෘති වන අයුරින් විවිධ ක්‍රියාකාරකම් ඇතුළත් කරමින් පැවැත්වූ අවුරුදු උත්සව සම්බන්ධයෙන් විමර්ශනය කර සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.
බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පවසන්නේ එවැනි විකෘති ක්‍රියාකාරකම් සහිත උත්සව පැවැත්වූ ස්ථාන සහ සංවිධායකයන් පිළිබඳ තොරතුරු මේ වන විටත් රැස් කරමින් පවතින බවයි.
මෙම ක්‍රියාවන් මෙරට සංස්කෘතිය විනාශ කිරීමක් බව අමාත්‍යාංශයේ ස්ථාවරය වී ඇත.
අදාළ තොරතුරු රැස් කිරීමෙන් පසු එම සංවිධායකයින්ට සහ ආයතනවලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර, මෙම “විකෘති ක්‍රීඩා” සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පසුගියදා ප්‍රකාශ කළේ, මෙවැනි ක්‍රියාකාරකම් අලුත් අවුරුදු ක්‍රීඩා නොව “ප්‍රජනන ක්‍රීඩා” බවට පත්ව ඇති බවයි.
2026 අප්‍රේල් 23, පෙ.ව. 11:37
2026 අප්‍රේල් 23, පෙ.ව. 11:33
2026 අප්‍රේල් 23, පෙ.ව. 11:04
2026 අප්‍රේල් 23, පෙ.ව. 10:24
2026 අප්‍රේල් 23, පෙ.ව. 10:08
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
22-04-26
22-04-26
22-04-26
22-04-26
22-04-26
22-04-26
22-04-26
22-04-26
22-04-26
22-04-26
22-04-26
22-04-26
22-04-26
22-04-26