hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 ජූලි 26, පෙ.ව. 10:17


බණ්ඩාරනායක පිළිරුව අසල රැඳී සිටි 4 දෙනෙකු පොලිස් භාරයට

අධිකරණ නියමයන් නොතකා ගාලු මුවදොර එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක පිළිරුව අසල ගැවසුණු සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසනවා.

ගාලු මුවදොර එස්.ඩබ්.ආර් .ඩී බණ්ඩාරනායක පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර් 50ක ප්‍රදේශයට ඇතුල්වීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් මීට පෙර නිකුත් කරනු ලැබුවා.

එම පිළිමයට හානි කිරීමේ සූදානමක් ඇති බවට තොරතුරු ලැබී ඇති බවට පොලීසිය කරන ලද දැනුම් දීමකට අනුවයි අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.