hit counter

2026 අගෝස්‍තු මස 24 වන සඳුදා

2026 ජූනි 20, ප.ව. 7:29



ලංකා බැංකුව මගින් සංවිධානය කරනු ලබන දීප ව්‍යාප්ත ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහන් සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් ක්‍රියාත්මක විය.

දීප ව්‍යාප්ත ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනේ ප්‍රධාන උත්සවය අද දින පෑලියගොඩ මැණින් මාර්කට් සංකීර්ණයේදී පැවැත්විණි.

මේ උත්සව අවස්ථාව සඳහා ශ්‍රී ලංකා මහා බැංකුවේ ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ. වී. කේ අල්විස් මහතා සහ ලංකා බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික ආචාර්ය අමල් ඉලේසිංහ මහතා එහි මහා කළමනාකාර/ප්‍රධාන විධායක නිලධාරී වයි ඒ ජයතිලක මහතා ප්‍රමුඛ ආයතනික හා විධායක කළමනාකාරීත්වය ඇතුළු සේවක මණ්ඩලය සහ එහි ගනුදෙනුකරුවන් රැසක් සහභාගී වුණා.