2026 ජූනි 30, ප.ව. 12:53
ඉකුත් සිකුරාදා දිනට සාපේක්ෂව අද (30) දින ශ්රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අධිප්රමාණය වී ඇති අතර, බොහෝ බැංකුවල විකුණුම් අනුපාතය රුපියල් 340 දක්වා පහත වැටී ඇති බව සඳහන්.
ඒ අනුව සෙලාන් බැංකුවට අනුව, ඇමරිකානු ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රුපියල් 331.75 සහ රුපියල් 342.00 ලෙස නොවෙනස්ව පවතියි. එසේම NDB බැංකුවේ, ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 332.50 සිට රුපියල් 331.75 දක්වා අඩු වී ඇත.
එහි විකුණුම් අනුපාතය රුපියල් 341.50 සිට රුපියල් 340.75 දක්වා අඩු වී තිබෙනවා. මහජන බැංකුවේ, ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 330.93 සිට රුපියල් 330.44 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් අනුපාතය රුපියල් 341.34 සිට රුපියල් 340.84 දක්වා ද අඩු වී ඇත.
එමෙන්ම කොමර්ෂල් බැංකුව වාර්තා කරන්නේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය සහ විකුණුම් අනුපාතිකය පිළිවෙලින් රුපියල් 330.55 සහ රුපියල් 340.50 ලෙස නොවෙනස්ව පවතින බවයි.
සම්පත් බැංකුවේ ගැනුම් අනුපාතය රුපියල් 332.75 සිට රුපියල් 332.00 දක්වා අඩු වී ඇති අතර විකුණුම් අනුපාතය ද පිළිවෙලින් රුපියල් 341.75 සිට රුපියල් 341.00 දක්වා අඩු වී ඇති බවත් සඳහන්.
2026 අගෝස්තු 23, ප.ව. 3:41
2026 අගෝස්තු 21, ප.ව. 2:55
2026 අගෝස්තු 21, ප.ව. 1:32
2026 අගෝස්තු 20, ප.ව. 3:13
2026 අගෝස්තු 20, ප.ව. 3:09