2026 ජූලි 02, පෙ.ව. 9:34
මහජන බැංකුව ස්ථාපිත කර ජුලි 01 වැනි දිනට 65 වසරක් සැපිරිණි. ඒ නිමිත්තෙන් විශේෂ උත්සවයක් කොළඹ 02, People’s Tower හිදි පැවැත්විණි.
මෙහිදි රටට, ජනතාවට, ගනුදෙනුකාර භවතුන්ට මෙන්ම මහජන බැංකුව පිහිටුවීමේලා පුරෝගාමී වූ සියලූ නායකයින්ට, අතීත සහ වත්මන් කාර්ය මණ්ඩලයට ආශිර්වාද පතා සෙත් පිරිත් සඡ්ඡායනයක් ඇතුළුව සර්ව ආගමික වැඩසටහනක් ද පැවැත්විණි.
එමෙන්ම මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු හා ප්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන් මෙහිදි කාර්ය මණ්ඩලය අමතන ලදි. මීට අමතරව මහජන බැංකුවේ 65 වැනි සංවත්සරය සමගාමීව ‘Sri Lanka’s Export Renaissance: Diversification, Innovation, & Global Competitiveness ຜາວ ຜວ සඟරාවේ නවතම කලාපයද එළි දැක්විණි.
මේ අවස්ථාවන්ට මහජන බැංකුවේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන චන්දන ගුණියන්ගොඩ, ආචාර්ය ගිෂාන් ඉලංගකෝන් යන මහත්වරුන් ඇතුළු ආයතනික හා විධායක කළමනාකාරිත්වය සහ බැංකු කාර්ය මණ්ඩලය ද සහභාගි විය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක් වන මහජන බැංකුව, රුපියල් ට්‍රිලියන 3.7 කට අධික වත්කම්වලට හිමිකම් කියන අතර, දිවයින පුරා විශාලතම ශාඛා සහ සේවා මධ්‍යස්ථාන 745ක ජාලය හා ස්වයං බැංකුකරණ ඒකක 300 කට අධික ප්‍රමාණයක් සමඟින් මිලියන 15.2කට අධික ගනුදෙනුකරුවන් පිරිසකට සේවාව සපයයි.
2026 ජූලි 02, ප.ව. 1:29
2026 ජූලි 01, ප.ව. 3:54
2026 ජූලි 01, ප.ව. 12:33
2026 ජූනි 30, ප.ව. 12:53
2026 ජූනි 30, පෙ.ව. 10:23