hit counter

2026 මාර්තු මස 31 වන අඟහරුවාදා

2022 ජූලි 28, ප.ව. 7:15


වේරංග පුෂ්පික ද සිල්වා රිමාන්ඩ්

අධිකරණ නියෝග නොතකා විරෝධතා පැවැත්වීම සහ මහජන දේපළවලට අලාභ හානි සිදු කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් රුහුණු විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු ඇන්තනි වේරංග පුෂ්පික ද සිල්වා ලබන අගෝස්තු මස 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මැයි 19 සහ ජුනි මස 09 වැනි දින කොළඹ කොටුව ප්‍රදේශයේ දීත් ජුනි මස 10 වැනි දින ඉසුරුපාය, බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී ද අධිකරණ නියෝග කඩ කරමින් උද්ඝෝෂණ පැවැත්වීම, අයුතු ජන රාශියක සාමාජිකයෙකු වීම, පොලිස් නිලධාරින්ට සාපරාධී බලහත්කාරය පෑම, රජයේ දේපොළවලට හානි සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයකට අදාළවයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ.

නිදහස් මාධ්‍යවේදී, සමාජ ක්‍රියාකාරක වේරංග පුෂ්පික අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයෙකු මෙන්ම රුහුණු සරසවි මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයාද වනවා.

ඇන්තනී වේරංග අනිද්දා පුවත්පතේ මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන අයෙකු බවද පැවසෙනවා.