hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2022 ජූලි 29, ප.ව. 4:35



හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සාමාන්‍ය පුරවැසියෙක් ලෙස ලංකාවට පැමිණීමට හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකාවේ පුරවැසියෙක් නිසා එලෙස පැමිණීමේ අයිතියක් ඔහුට තිබෙන බවත් නමුත් ඔහුට දැන් ජනාධිපතිවරයා සතු මුක්තිය නොමැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.

ඒ අනුව ඔහුට විරුද්ධව තිබුණු නඩු නැවත ආරම්භ කළ යුතුව තිබෙන බවත් පෙන්වා දෙන විජිත හේරත් මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට අපරාධ ඇතුළු විවිධ චෝදනා තිබූ බවත් ඒ සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කර දඬුවම් ලබාදිය යුතු බවත් කියා සිටියා.

ඔහු මේ බව පැවසූවේ අද(29) ජවිපෙ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීයි.