hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2022 ජූලි 30, ප.ව. 1:59


සඳුදා සිට පාසල් පැවැත්වෙන්නේ මෙහෙමයි

අනිද්දා (01) සිට ලබන 05 දින දක්වා සතිය තුළ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් පැවැත්වෙන්නේ මීට පෙර ක්‍රියාත්මක වූ ආකාරයටම බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව සඳුදා අඟහරුවාදා සහ බ‍්‍රහස්පතින්දා පාසල් පැවැත්වෙන අතර, බදාදා සහ සිකුරාදා දිනවල දී සිසුන්ට නිවෙස්වල සිට ඉගෙනීමේ කටයුතුවල නිරත විය හැකියි.

නැතහොත් මාර්ගගතව ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට ද හැකියාව පවතින බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

කෙසේ වෙතත්, ප‍්‍රවාහන අපහසුතා නොමැති පාසල්වල විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ එකඟතාව සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂගේ අනුමැතිය මත බදාදා සහ සිකුරාදා දිනවල ද පාසල් පැවැත්වීමේ හැකියාව පවතිනවා.

මෙහිදී පවතින තත්ත්වය සලකා බලා සෑම ගුරුවරයකුටම අවම වශයෙන් දින තුනක් පාසලට පැමිණ ඉගැන්වීම් කටයුතු සිදුකිරීමට හැකිවන ලෙස නම්‍යශීලී කාල සටහනක් සකස් කිරීමේ හැකියාව පවතින බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.