hit counter

2026 ඔක්‍තෝබර් මස 06 වන අඟහරුවාදා

2026 අගෝස්‍තු 22, පෙ.ව. 12:12



 හිටපු  ඇමතිවරුන් හා මන්ත්‍රිවරුන් 21 දෙනෙකුගෙන්  අයවිය යුතු  රුපියල් දාහත්ලක්ෂ,අනුතුන්දහස් හාරසියඅසුවක් වු  (1,793,480)  හිග නිවාස කුලි මුදල් මේවනතෙක් අයකරගැනිමට කටයුතුකර නොතිබු බව  හෙලිවි ඇත.

2015-2020  අතර කාලසිමාවේ සිට මෙකි හිග නිවාස කුලි මුදල් අයවිමට  ඇති බවද අනාවරණය වි ඇත. එමෙන්ම  ජනාධිපති ලේකම් කාර්යාලය වෙත  2009-2016 කාලසිමාව තුල  ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරින්ට ලබාදිම සදහා ලබා දි තිබු  කොළඹ 05 කැප්පෙටිපොළ  මාවතේ සමුළු නිවාස 08කින්  අදාළ කුලි මුදල් අයකරගැනිමට කටයුතුකර නොතිබුණි.

 සමුළු නිවාස 22කින් 2012 වර්ෂයේ සිට 2024 දක්වා කාලයට අදාළව  අයනොවි පවතින හිග කුලි මුදල රුපියල් 1,673,190කි. ජයවඩනගම නිවාස 15කින් 2012 වර්ෂයේ සිට 2016 දක්වා කාලයට අදාළව අයවිය යුතු හිග කුලි මුදල රුපියල් 8,449,265කි.

 රාජ්‍ය පරිපාල අමාත්‍යංශය සම්බන්දයෙන් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවට ඇතුළත්කොට ඇති විගණන වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය වි ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: