hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2026 සැප්‍තැම්‍බර් 09, ප.ව. 1:58



සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍යය ජාවාරම්කරුවෙකු වූ දිසානායක මුදියන්සේලාගේ රංජිත් කුමාර නොහොත් ” කොණ්ඩ රංජි ” නැමැත්තා ඩුබායි හි රැදී සිටියදී අත් අඩංගුවට ගෙන, එරටින් පිටුවහල් කර  09/09 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.

ඔහු ජා – ඇළ , කදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මේ වනවිට 37 වැනි පපසුවන්නෙකි.

ඔහු ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පහරදීමට යොදා ගත් මිසයිල සහ ඩ්‍රෝන යානා වල දර්ශන සිය ජංගම දුරකථනයෙහි රදවා තබා ගෙන සිටියදී , එරට ආරක්ෂක අංශ නිලධාරීන් විසින් 2026.04.15 දින අත් අඩංගුවට ගෙන තිබේ.

පසුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර තබා තිබූ අතර , ඉන්පසුව ඔහු 09/09 දින ඩුබායි සිට ෆල්යි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 579 දරන ගුවන් යානයෙන් , ඔහු එරටින් පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමෙන් පසු , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු , වැඩිදුර විමර්ශන කටයුතු සදහා පෑලියගොඩ , බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය වෙත , දැඩි ආරක්ෂක රැකවල් යටතේ රැගෙන ගියේය.