/** * Prevent huge queries on the WordPress Pages admin screen. */ add_action( 'pre_get_posts', function ( $query ) { // Admin area only. if ( ! is_admin() ) { return; } // Only affect the main WordPress admin list query. if ( ! $query->is_main_query() ) { return; } global $pagenow; // Only wp-admin/edit.php. if ( $pagenow !== 'edit.php' ) { return; } // Only the Pages screen. $post_type = isset( $_GET['post_type'] ) ? sanitize_key( $_GET['post_type'] ) : 'post'; if ( $post_type !== 'page' ) { return; } // Hard limit the admin page list. $query->set( 'posts_per_page', 20 ); }, 999 ); /** * Emergency protection against unbounded admin content queries. */ add_filter( 'posts_request', function ( $sql, $query ) { if ( ! is_admin() ) { return $sql; } // Do not interfere with already-limited queries. if ( stripos( $sql, ' LIMIT ' ) !== false ) { return $sql; } // Target the problematic post/page/attachment query pattern. if ( stripos( $sql, 'post_type' ) !== false && stripos( $sql, "'post'" ) !== false && stripos( $sql, "'page'" ) !== false && stripos( $sql, "'attachment'" ) !== false && stripos( $sql, 'ORDER BY' ) !== false && stripos( $sql, 'post_date' ) !== false ) { $sql .= ' LIMIT 100'; } return $sql; }, 9999, 2 ); ඉන්දු – ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තැබේ

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2026 සැප්‍තැම්‍බර් 09, ප.ව. 2:12



මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂ අමාත්‍ය අමාත්‍ය රාජ්නාත් සිං මහතා ලංකාව සමඟ ගිවිසුම් තුනකට අත්සන් තබා ඇති බව වාර්තා වේ.

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා අද (09) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවුණි.

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදිය.

තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා පිළිගැනීම වෙනුවෙන් ඊයේ පස්වරුවේ කොළඹ දී විශේෂ උත්සවයක් සංවිධාන කර තිබුණා.

ඒ සඳහා මැති ඇමතිවරුන්, ආණ්ඩුකාරවරුන්, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ෂා මහතා මෙන්ම මෙරට වෙසෙන ඉන්දීය ජාතිකයින් රැසක් එක්ව සිටියහ.

සන්තෝෂා ජා – ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්

“මෙය ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රථම ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සංචාරයයි. එම නිසා මෙම සංචාරය අපගේ ද්විපාර්ශ්වික සබඳතාවල වැදගත් සන්ධිස්ථානයක් සලකුණු කරනවා. මෑත වසරවලදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දක්නට ලැබුණු රාජ්‍යතාන්ත්‍රික හුවමාරු අතරට මෙම සංචාරය තවත් පරිච්ඡේදයක් එක් කරනවා. මෙම සංචාරයන් අපගේ සබඳතාවයට නව ජවයක් සහ ශක්තියක් ලබා දී ඇති බව කිව යුතුයි. එය අප අතර සබඳතා ඉතා ඉහළ තලයකට ඔසවා තිබෙනවා. ”

රාජ්නාත් සිං – ඉන්දීය ආරක්ෂක අමාත්‍ය

“ශ්‍රී ලංකාව අර්බුදයකට මුහුණ දෙන ඕනෑම අවස්ථාවක ඔවුන්ට සහය වීමට ඉන්දියාව සූදානම්. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සමීප සංස්කෘතික සහ ශිෂ්ඨාචාර සබඳතාව ද්වීපාර්ශ්වික සබඳතා වර්ධනයට ශක්තිමත් පදනමක් සපයනවා. ඉන්දු – ශ්‍රී ලංකා ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීමේදී ඉන්දීය ඩයස්පෝරාව ඉටුකරන කාර්යභාරය වැදගත්. ඔවුන් දෙරට අතර පාලමක් තනන පිරිසක් ලෙසයි මා දකින්නේ.”