hit counter

2026 සැප්‍තැම්‍බර් මස 22 වන අඟහරුවාදා

2026 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 11:44



ගිරිඋල්ල පොලීසිය විසින් නැවැත්වීමට කරන ලද සංඥා නොතකා පලාගිය සුඛෝභෝගී මෝටර් රථයක් පන්නල නගරයේදී වටලා, එහි රියදුරු සහ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ගිරිඋල්ල ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් විසින් මෙම මෝටර් රථය පරීක්ෂා කිරීම සඳහා රියදුරුට රථය නවත්වන ලෙසට සංඥා කළ ද ඔහු වේගයෙන් ඉදිරියට රිය පදවා ඇති බවය.

ඒ අනුව,  මෝටර්රථය පසුපසු හඹාගිය පොලීස් නිලධාරින්, රථය නවත්වන ලෙසට රියදුරට නැවත නැවත් සංඥා කළද ඔහු පොලිස් අන නොකතා මෝටර් රථය ධාවනය කිරීම හේතුවෙන් පොලීසිය විසින් වෙඩි තැබීමක් සිදුකළ ද ඔහු රථය නොනනවත්වා ධාවනය කර ඇත.

අනතුරුව,පොලීසිය විසින් පන්නල නගරයේදී පොලිස් ජීප් රථය සහ තවත් වාහන කිහිපයක් මෝටර් රථයට හරස් කර එය නවතා ගැනීමට සමත්ව ඇත.

එහිදී වාහනය නැවැත්වූවද රියදුරු මෝටර් රථයේ දොරවල් වෘත්ත නොකිරීම හේතුවෙන්පොලිස් නිලධාරීන් ටී-56 ගිනි අවි පෙන්වා දොර විවෘත කරන ලෙස නියෝග කළද, රියදුරු එය ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ හේතුවෙන්, පොලිස් නිලධාරීන් විසින් මෝටර්රථයේ වම්පස ඉදිරි දොරේ වීදුරුවට ගිනි අවියෙන් පහරදී බිඳ දැමීමෙන් පසු රියදුරු දොර විවෘත කර ඇත.

ඒ අනුව මෝටර්රථයේ සිටි රියදුරු සහ තවත් කාන්තාවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී රියදුරු සන්තකයේ තිබී මත්ද්‍රව‍ය සුළු ප්‍රමාණයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිරිඋල්ල ප්‍රදේශයේම පදිංචිකරුවන් පිරිසකි.

සිද්ධිය සම්බන්ධයෙන් ගිරිඋල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.