2026 සැප්තැම්බර් 23, ප.ව. 6:17
ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත මානුෂීය සහ සමාජ සේවා වැඩසටහන් පිළිබඳ දකුණු කොරියානු නියෝජිත පිරිස විසින් අද ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී කරුණු පැහැදිලි කර සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු කලා.
මෙහිදී මෙතෙක් ශ්‍රී ලංකාව සඳහා සිදුකළ මානුෂීය ආධාර,හා ඔක්තෝබර් මාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රධාන වැඩසටහන සහ ඉදිරියේදී අධ්‍යාපන, සමාජ සේවා, මානුෂීය සහ දෙරට අතර මිත්‍රත්ව වැඩසටහන් වර්ධනය කිරීම පිළිබඳ අවධානය යොමු කිරිමට සාකච්ඡාව මෙහෙයවුවා.
මෙම නිල හමුවෙන් අනතුරුව, දකුණු කොරියාවේ මල්වතු පාර්ශවයේ දකුණු කොරියාවේ ප්‍රධාන සංඝනායක කැටෙපොල විමලරතන නායක ස්වාමීන් වහන්සේ හා දකුණු කොරියාවේ ඇති එකම හා පලමු ආරමයේ wathtgegedara sulakshani mehenin wahanse මෙම සාකච්ඡාවට සහභාගීත්වයෙන් පිරිත් සජ්ඣායනයක් හා ආශීර්වාද වැඩසටහනක් පවත්වා, ශ්‍රී ලංකාවට යන මානුෂීය කොරියානු නියෝජිත පිරිසට ආශීර්වාද කිරීමද විශේෂයෙන්ම දෙරට අතර සහජීවනයට අවස්ථාවක් වේ.
මෙම සංචාරය ශ්‍රී ලංකාවට පමණක් නොව, ඉදිරියේදී ශ්‍රී ලංකා–දකුණු කොරියා මානුෂීය සහයෝගිතාව, සමාජ සංවර්ධනය සහ ජනතාව අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන පියවරක් ලෙස සැලකේ.
“ශ්‍රී ලංකාව වෙනුවෙන් නව මෙහෙවරකට සූදානම් වන කොරියානු නියෝජිත පිරිස.”
2026 සැප්තැම්බර් 23, ප.ව. 2:44
2026 සැප්තැම්බර් 23, ප.ව. 2:04
2026 සැප්තැම්බර් 23, පෙ.ව. 11:38
2026 සැප්තැම්බර් 23, පෙ.ව. 10:27
2026 සැප්තැම්බර් 23, පෙ.ව. 10:01