2026 ඔක්තෝබර් 10, පෙ.ව. 12:13
නව මෙට්‍රෝ (Metro) බස් රථ වලට හිතාමතා හානි සිදු කරන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව පොලීසිය සඳහන් කරයි.
පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් පුර්ණ විමර්ශනයක් සිදු කරන ලෙස උපදෙස් ලබාදී තිබෙන බව රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර සඳහන් කරයි.
ඒ අනුව මෙට්‍රෝ බස් රථ යනු රාජ්‍ය දේපළ බැවින් එම අනතුරට ලක් කිරීම සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර සඳහන් කරයි.
මෙම රාජ්‍ය දේපල වලට අලාභහානි සිදුකිරීම යන වරද සම්බන්ධව සිදුකළ අලාභ තක්සේරු කරමින් විමර්ශනයක් සිදුකර අධිකරණයට ඉදිරිපත් කරන බවද නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර සඳහන් කරයි.
මෙය කීපදෙනෙක් විසින් සංවිධානාත්මකව කුමන්ත්‍රණකාරීව මෙම ක්‍රියාව සිදුකරන බවට නිරීක්ෂණය වී තිබෙන බවද නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර සඳහන් කරයි.
අපරාධ නීතිය සහ මොටර් රථ වාහන පනතේ තිබෙන නීතිමය තත්ත්වයන් යටතේ මේ සම්බන්ධව දැඩි පියවර ගන්නා බවද නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර සඳහන් කරයි.
2026 ඔක්තෝබර් 10, පෙ.ව. 12:27
2026 ඔක්තෝබර් 10, පෙ.ව. 12:22
2026 ඔක්තෝබර් 10, පෙ.ව. 12:21
2026 ඔක්තෝබර් 10, පෙ.ව. 12:15
2026 ඔක්තෝබර් 10, පෙ.ව. 12:13