hit counter

2026 ඔක්‍තෝබර් මස 10 වන සෙනසුරාදා

2026 ඔක්‍තෝබර් 11, පෙ.ව. 12:03



නව යතුරුපැදි ලියාපදිංචි කිරීමේ පහසුකම දිස්ත්‍රික්ක ලේකම් කාර්යාල 5ක් මගින් ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව යාපනය, හම්බන්තොට, අනුරාධපුර, කුරුණෑගල සහ ගම්පහ යන දිස්ත්‍රික් ලේකම් කාර්යාල තුළදී එම ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කිරිමට හැකියාව පවතියි.

එළැඹෙන (19) වැනිදා සිට එම සේවාව ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් තුෂාර ඉඳුනිල් ප්‍රනාන්දු සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: