2026 ඔක්තෝබර් 16, ප.ව. 1:25
වර්තමාන ආණ්ඩුව බලයට පැමිණි අවස්ථාවේ සිට භික්ෂුව, රටේ සංස්කෘතිය සහ රටේ අනන්යතාව ක්රමානුකූලව පහත හෙළීමට කටයුතු කරමින් ඇතැයි කෝට්ටේ ශ්රී කල්යාණී සාමග්රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ධුරය මෙන්ම එහි ප්රධාන ලේඛකාධිකාරී මහාචාර්ය කොටපිටියේ රාහුල හිමි අවධාරණය කරයි.
මහා සංඝ රත්නයේ විරෝධය නොතකා ඥානසාර හිමියන්ගේ සිවුර ගැලවීම බලවත් වරදක් බවත් එම වරද කමා කර ගැනීමට එහිමියන්ට නිදහස ලබාදිය යුතු බවත් එහිමියෝ පෙන්වා දෙති.
ඒ සඳහා ජනාධිපතිවරයාට බලය ඇති බවත් ඉන් එහා තීන්දුවක් තමන්ට අවශ්ය නොවන බවත් කොටපිටියේ රාහුල හිමි ප්රකාශ කරයි.
ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී සිවුරට යුක්තිය විරෝධතාව අමතමින් එහිමියන් මේ බව කීය.
2026 ඔක්තෝබර් 16, ප.ව. 1:45
2026 ඔක්තෝබර් 16, ප.ව. 1:37
2026 ඔක්තෝබර් 16, පෙ.ව. 11:20
2026 ඔක්තෝබර් 16, පෙ.ව. 11:04
2026 ඔක්තෝබර් 16, පෙ.ව. 9:41