2026 ඔක්තෝබර් 20, ප.ව. 3:00
වයඹ වනජීවී කලාපීය පශු වෛද්ය ඉසුරු හේවාකොට්ටගේ මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීම සඳහා වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයා වෙත අදාළ ලිපි යොමුකර නොමැති බව වනජීවී පශු වෛද්ය චන්දන ජයසිංහ මහතා පැවසීය.
අද (20) රූපවාහිනී වැඩසටහනට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
පශු වෛද්ය ඉසුරු හේවාකොට්ටගේ මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීම සඳහා වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයා වෙත අදාළ ලිපි යොමුකර ඇති බව ඊයේ දිනයේදී මාධ්ය වාර්තා කර තිබුණි.
පසුගියදා අවාසනාවන්ත ලෙස මියගිය ‘කාවන්තිස්ස’ හස්තියාට ප්රතිකාර කිරීමේදී සිදුවූ බව කියන සිදුවීම් මුල් කරගනිමින් සමාජ මාධ්ය ඔස්සේ එල්ල වූ දැඩි චෝදනා හා විවේචන හේතුවෙන් තමන් එම තීරණය ගත් බව ද සඳහන් විය.
මේ අතර, කාවන්තිස්ස සද්ධන්තයාගේ මියයාම සම්බන්ධයෙන් පරිසර නියෝජ්ය අමාත්ය ඇන්ටන් ජයකොඩි මහතා ද මෙහිදී අදහස් දන්වන්නට විය.
ප්රශ්නය:කාවන්තිස්ස හස්තියා ගැන කොතනද වැරදුනේ සූදානම් වෙලා හිටපු තැන් කොතනද මගහැරුනේ?
“මේ ඇතා මියයෑම සම්බන්ධයෙන් අපිටත් කම්පනයක් තියෙනවා. කතා කරන බොහෝ දෙනාට වැඩිය අපිට කම්පනයක් තියෙවනවා. අපි මේ ඇතා රැකගන්න පුළුවන් උපරිමයෙන් උත්සාහ කෙරුවා. අපි උපරිමයෙන්ම පශූ වෛද්යවරු ඒ වගේම අපේ අමාත්යාංශයක් විදයට ගන්න පුළුවන් සියළු ක්රියාමාර්ග ගත්තා. හැබැයි අවාසනාවන්ත ලෙස ඇතා මියයනවා. අපි පරිසර අමාත්යාංශය විදියට වනජීවී දෙපාර්තමේන්තුව විදියට මේ අලි ඇතුන් ආරක්ෂා කරගැනීමේදී ඒ වෙනුවෙන් සමාජ කතිකාවක් ගොඩනගලා තියෙනවා අපි කිසිදු දෙයක් කරලා නෑ කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි මොකද අපි මේ බලයට පත් වුණාට පස්සේ මේ දක්වා ඉතිහාසයේ කිසිදු රජයක් නොකරපු ආකාරයේ වැඩ විශාල ප්රමාණයක් මේ වෙනුවෙන් කරලා ඒකේ ප්රතිළුල යම්වි දියකට අලි මිනිස් ගැටුම අවම වෙමින් යන වාතාවරනයක් තමයි තියෙන්නේ”
2026 ඔක්තෝබර් 20, ප.ව. 3:27
2026 ඔක්තෝබර් 20, ප.ව. 3:19
2026 ඔක්තෝබර් 20, ප.ව. 3:02
2026 ඔක්තෝබර් 20, ප.ව. 2:46
2026 ඔක්තෝබර් 20, ප.ව. 1:53
19-10-26
19-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26