2026 ඔක්තෝබර් 21, පෙ.ව. 12:24
වත්මන් ආණ්ඩුව තවමත් විපක්ෂයේ භූමිකාව ඉටුකරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්ය මහ ලේකම් හරීන් ප්රනාන්දු මහතා පවසනවා.
ඔහු මෙම අදහස් පල කළේ, මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවකට අදාළව ඊයේ (20) බදුල්ල මහේස්ත්රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට පැමිණි අවස්ථාවේදී.
එහිදී මාධ්ය වෙත අදහස් දක්වමින් ඔහු ප්රකාශ කළේ, විපක්ෂය උද්ඝෝෂණය කරන අවස්ථාවලදී ආණ්ඩුව ඊට එරෙහිව උද්ඝෝෂණය කිරීම මෙරටදී දුටු පළමු අවස්ථාව බවත්, එමගින් ආණ්ඩුව ගමන් කරන දිශාව පැහැදිලි වන බවයි.
බදුල්ලේ පැවති ආණ්ඩුවේ රැස්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එම රැස්වීමේදී කාන්තාවන් ආණ්ඩුවේ ප්රධාන ශක්තිය ලෙස හඳුන්වා දුන් බවයි.
කාන්තාවන්ට තමන් ගෞරව කරන නමුත්, දේශපාලනය සම්බන්ධයෙන් ඔවුන් සතු දැනුම සීමිත බවත්, ඒ හේතුවෙන් ඔවුන් නොමඟ යවා ඇත්දැයි සිතෙන බවත් ඔහු ප්රකාශ කළා.
එමෙන්ම, ඊශ්රායලයේ සහ ජපානයේ රැකියා අවස්ථා මෙන්ම ඉන්සියුලින් කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම ද තම පක්ෂයේ සාමාජිකයින් ආරම්භ කළ වැඩසටහන් බව ඔහු පැවසුවා.
වෙනත් පාර්ශ්ව විසින් ආරම්භ කරන ලද ව්යාපෘති විවෘත කිරීම වෙනුවට වත්මන් ආණ්ඩුව තමන්ගේම ව්යාපෘති ඉදිරිපත් කළ යුතු බව ද හරීන් ප්රනාන්දු මහතා සඳහන් කළා.
මෙට්රෝ බස් සේවාව ද හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් ආරම්භ කරන ලද වැඩසටහනක් බවත්, වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙළ පිළිබඳව සතුටු වන නමුත් එය ක්රියාත්මක වන වේගය ඉතා මන්දගාමී බවත් කියා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්රකාශ කළේ,
“මම දැක්කා ඊශ්රායලයේ රස්සා, ජපානයේ රස්සා. තාම එන්නේ අපි ගෙනාපු කාලයේ ඒවා. මං දැක්කා ඉනෛයුලින් ෆැක්ට්රියක් ආරම්භ කරලා තිබ්බා. ඒවා අපි ගෙනාපු වැඩ. අනිත් මිනිස්සු ගෙනාපු වැඩ ඕපන් කරනවා මිසල් තාම කිසි වැඩක් තමන්ගේ කියලා කරලා නැහැ. එතුමන්ලගේ ප්රොජෙක්ට් ටිකක් කරලා.පෙන්නුවවොත් හොඳයි කියලා හිතෙනවා. මෙට්රෝ බස් සේවාවත් රනිල් වික්රමසිංහ ගෙනාවේ.මම සතුටුයි ආණ්ඩුව ගැන. යන විදිහ හෙමින් වැඩී….”
2026 ඔක්තෝබර් 21, පෙ.ව. 12:19
2026 ඔක්තෝබර් 21, පෙ.ව. 12:17
2026 ඔක්තෝබර් 21, පෙ.ව. 12:14
2026 ඔක්තෝබර් 21, පෙ.ව. 12:11
2026 ඔක්තෝබර් 21, පෙ.ව. 12:05
21-10-26
21-10-26
20-10-26
20-10-26
20-10-26
20-10-26
20-10-26
20-10-26
19-10-26
19-10-26
19-10-26
19-10-26
18-10-26
18-10-26
18-10-26
18-10-26
18-10-26
18-10-26
18-10-26
18-10-26
17-10-26
17-10-26
17-10-26
17-10-26