hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 02, ප.ව. 4:51


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය අත්හිටුවයි

අධික වර්ෂාව හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සහ හැටන් අතර දුම්රිය මාර්ගයට පස් කඳු කඩාවැටීම නිසා කොළඹ කොටුව සහ බදුල්ල අතර දුම්රිය ධාවනය අත්හිටුවා ඇති බවත් අද (02) සහ හෙට (03) ධාවනය වීමට දුම්රිය අවලංගු කළ බවත් නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනෙවිරත්න මහතා පැවසුවා.

ඒ අනුව බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා අද පස්වරු 6.00 ට ධාවන කිරීමට නියමිතව තිබූ දුම්රිය, කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා හෙට (03) පෙරවරුවේ ධාවනය වීමට නියමිත දුම්රිය තුන සහ බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා හෙට පෙරවරුවේ ධාවනය කිරීමට නියමිත දුම්රිය තුන අවලංගු කළ බවත් සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළා.