hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2022 අගෝස්‍තු 02, ප.ව. 6:24



තමන්ගේ ජංගම දුරකථනය පැය 24 මුළුල්ලේම ටැප් කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවා.

දෙරණ නාලිකාව සමඟ සාකච්ඡාවකදී ඔහු ඒ බව සදහන් කළා.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දක්වා සිටියා.

“මේ හැම දෙනාම අනිමිසලෝචනයෙන් බලා සිටියා මහ දැවැන්ත වෙනස්කමක් මේ රටේ වෙයි කියලා. ඒ බලාපොරොත්තුවලට පියාපත් දෙන්න ඕනේ. මගේ ටෙලිෆෝනය පැය 24ම ටැප් කරන ටොලිෆෝන් එකක්. මම වගකීමෙන් කියන්නේ. අපි දන්නවා රටේ හැම දෙනාම අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ ඉඳලා සිදුවෙන්නේ මොකක්ද කියලා. මම හිතන්නේ IMF එකටවත් බැහැ ඒ විශාල මෙහෙයුම් කරන්න. ඉතිහාසය මේක වාර්තා කරාවි.”